සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අනුග්‍රහය යටතේ හම්බන්තොට ග්‍රාමීය සංවිධාන පදනම හරහා නවජීවන ආයතනයට ලබා දුන් මුදලින් රු:120,000 ක මුදල අම්බලන්තොට ආබාධ සහිත පුද්ගල ස්වශක්ති සංවිධානයට ලබා දීම හා ඒ සඳහා ගිවිසුම අද දින අත්සන් කරන ලදී.
එම අරමුදල අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සුරතින් ස්වශක්ති සංවිධානයේ සභාපති හා ලේකම්තුමියට ලබා දුනි.
එම මුදල අද දින ආබාධ සහිත පුද්ගල සංවිධාන සාමාජිකයන් 12 දෙනෙකුගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ඔවුන්ට ද ලබා දීම ද සිදුවුණි..



















