අපගේ දැක්ම

ඵලදායී රාජ්‍ය සේවයක් තුලින් මහජනතාවට තිරසාර සංවර්ධනයක් ඇති කරලීම.

 

 

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත්, කාර්යක්‍ෂම, තිරසාර හා සැළසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම අපගේ මෙහෙවර වේ.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යාත්මක ජෛව විද්‍යාත්මක  අතින් ඉහළ වටිනාකමක් හා ඓතිහාසික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් උසුලන ප්‍රදේශයක් වශයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හඳුන්වා දිය හැකිය. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සීමා වන කොටසේ පිහිටීම සලකා බැලීමේදී එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහකට සහ වෙරළ තීරයට මායිම් වී පිහිටා ඇත. එහි සීමාවන් ලෙස උතුරින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, (රත්නපුර දිස්ත්‍රික්කය) දකුණින් වෙරළ තීරය (දිග කිලෝමීටර් 30), නැගෙනහිරින් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, බටහිරින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද  සීමා වී ඇත. උතුරු අක්ෂාංශ 80 0 – 52 සිට 81 0  - 03 දක්වා ද නැගෙනහිර දේශාංශ 03 0 – 02 ත්     6 0 – 15 දක්වා ද, වූ අක්ෂාංශ හා දේශාංශ ගත පිහිටීමකින් යුක්ත අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 213.4 කි. (හෙක්ටයාර් 21314 කි) මෙම ප්‍රමාණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 8.2%කි.

මුළු බිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර් 1547.5 ක් අභ්‍යන්තර ජලාශ හා ගංගා වලින් වැසී පවතින ප්‍රදේශය තුළ විශාල ප්‍රමාණයෙන් වනාන්තර පිහිටා නොමැති අතර, කුඩා ප්‍රමාණයේ ලඳු කැලෑ විශාල වශයෙන් ව්‍යාප්තව ඇත.

ආර්ථීකයේ ප්‍රධානතම අංගයක් ලෙස එදා මෙන්ම අදත් කෘෂිකර්මාන්තය හැඳින්විය හැකිය. ප්‍රධාන වශයෙන්ම වී වගාව සඳහා විශාල හා සුළු වාරිමාර්ග යටතේ වාරි ජලය සැපයෙන අතර, විශාලත්වයෙන් අක්කර 3000ක් වු රිදියගම වැව කොට්ඨාශයේ උතුරු සීමාවේ පිහිටා ඇත. ප්‍රදේශය පෝෂණය කරමින් ගලා බසින වලවේ ගඟ මුහුදට ගලා බසිනුයේ ද මෙහි පිහිටි වාඳුරුප්ප ප්‍රදේශයෙනි. එසේම උස්සන්ගොඩ ප්‍රදේශයද ගස් නොවැඩෙන ප්‍රදේශයකි. එහි සුවිශේෂී පාෂාණ තට්ටු වලින් සමන්විත දර්ශණීය ස්වාභාවික පරිසරය නිසා මේ ප්‍රදේශයේ වටිනාකම වැඩි වීමට හේතු වී ඇත. කළමැටිය කලපුව අසලත් එක්කස්ස හා වැලිපටන්විල ගම්වලත් වලව නිම්නයේත් සිත් ඇද ගන්නා සුළු දැකුම්කළු කඩොලාන පරිසරයක් දක්නට ඇත.

ඓතිහාසික පසුබිම

ශ්‍රී ලංකාවේ රෝහණ රාජ්‍යයෙහි කලින් කල අගනුවරවල් බවට පත් වූ රාජධානි අතර “මාගම” කාචරගාම දිගාමඩුල්ල ගෝණාගම හා මහා නාගකුල යන ස්ථාන වැදගත් ස්ථානයක් ගන්නා බව ඓතිහාසික ලේඛණ වල සඳහන් වේ. එකල “මහානාගකුල” රාජධානිය පිහිටියේ වර්තමාන අම්බලන්තොට කොට්ඨාශය තුලය.

අම්බලන්තොට යන නම බිහිවීම සම්බන්ධයෙන් ද ජන වහරේ විවිධ අදහස් ඇත. ඉන් එක් අදහසක් වනුයේ වලවේ ගංඟාවෙන් වෙන් වූ දෙගම්බඩ යා කෙරෙන ඔරු සේවාවන් පැවත ඇති අතර, එහි ප්‍රධාන තොටුපල අසල අම්බලමක් වූ බවයි. අම්බලම අසල තොටුපල පිහිටි නිසා අම්බලන්තොට යනුවෙන් අතීතයේදී ද මෙම ප්‍රදේශය හැඳින්වීමට භාවිතා කර ඇත. ජනවහරේ එන අනෙක් අදහස වනුයේ වෙළඳ කටයුතු සඳහා බෝට්ටු නවතා තබන තොට පෙන්වීමේ දී ව්‍යවහාර කළ ආන්, බලන්, තොට යන්න සංක්‍ෂිප්ත වී අම්බලන්තොට යන්න භාවිතා වී ඇති බවයි.

මානාකූල රාජධානියේ පැවති දියුණුව විදහා දක්වන ඓතිහාසික විහාරස්ථාන රාශියක් මේ ප්‍රදේශයේ ඇත. රම්බා විහාරයේ ඇති ශිලා ලේඛණ වලට අනුව සිරිසඟබෝ මහ රජුන් විසින් රම්බර චේතියේ මැණික් කොත පළඳවා දළඳාව ආරක්ෂා කිරීමට මුලාදෑනින් පත් කල බව සඳහන් වේ. අම්බලන්තොට නගරයේ වලවේ ගඟ අසල පිහිටි ගිරිහඬු වෙහෙරද භාතිය රාජ්‍ය සමයෙහි සිදු කල ගිරිගණ්ඩ පූජාව සිහිපත් කරවීම සඳහා කරවන ලද විහාර අතුරින් වැදගත් තැනක් ගනී. මෙහි සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය සිහිපත් කරවන අන්ද්‍රා සම්ප්‍රධායට අනුව කැටයම් කල සෙල්පුවරුද සුරක්‍ෂිතව ඇත. ඉහත සඳහන් ඓතිහාසික කරුණු වලින් “පැරණි මානාකුල රාජධානිය” ඉතාමත් දියුණු තත්ත්වයක පැවති බව පැහැදිලි වේ.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

      Name                                                                               

               From                                  To                                

 01. සී. වාස් ගුණවර්ධන මහතා

       1992.08.15            1994.10.03

 02. ඩී. ඒ්. ඒල්. නිමල් මහතා (වැඩබලන)

       1994.10.04            1994.10.06

 03. ධර් මදාස රුවන්‍පතිරන මහතා

       1994.10.06            2000.08.01

 04. කේ. ඒච්. වීරසේන මහතා (වැඩබලන)

       2000.08.03            2001.10.19

 05. ආර්.එම්.වී.ඒස්. ජයසේකර මහතා

       2001.10.22            2010.05.14

 06. මාග්‍රට් පී කුඹුරගේ මහත්මිය

       2010.05.17            2013.03.06

 07. ඒන්. ඩබ්. යාපා මහතා (වැඩබලන)

       2013.03.13            2013.05.30

 08. ඒච්. තිලකවර් ධන මහතා

       2013.05.31            2018.12.07

 09.  ඒන්. ඩබ්. යාපා මහතා (වැඩබලන)

       2018.12.11            2019.03.30

 10.  ජේ. ඒච්. ඒස්. පී. ජයමහ මහතා (වැඩබලන)

       2019.04.01            2019.04.16

 11. ඒන්. ඩබ්. යාපා මහතා (වැඩබලන)

       2019.04.17            2019.05.30

 12.  ඒන්. ඩී. පී. රණසිංහ මහත්මිය

       2019.05.30            2024.12.15

 13. චින්තා පී.ඩබ්. වන්නිආරච්චි මෙනවිය

       2024.12.16  
Scroll To Top