අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය මගින් සංවිධානය කරන සුභසාධක සංගමයේ නිලධාරින්ගේ ශිෂ්‍යාත්ව සමත්, අ.පො.ස (සා.පෙ.) විභාගයෙන් විශිෂ්ඨ සම්මාන 9 ක් සහ අ.පො.ස(උ.පෙ.) විභාගයෙන් විශිෂ්ඨ සම්මාන 3 ක් ලබාගත් දරුවන් ඇගයීමේ උත්සවයක් 2024.07.15 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයදී ප්‍රාදේශිය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. මෙම උත්සවයේදී 2022 සහ 2023 වර්ශවල විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමට ලක්විය.


පොසොන් උදානය - 2024
මෙවර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අම්බලන්තොට එක්සත් ප්‍රගති සංවිධානය හා අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල මල්පෙත්තාව සිරිසදහම් වෙසක් කලාපය 2024.06.21, 22 හා 23 යන දිනයන්හි ඔළුවිල වැව් තාවුල්ලේදී අලංකාරවත් ලෙස පැවැත්විනි. එම පොසොන් කලාපයට සමගාමිව පොසොන් බැති ගී සංදර්ශන, ගීත නාට්‍ය, සම්ප්‍රදායික නර්ථන අංග ,දන්සල්, බෞද්ධ නාට්‍ය හා අම්බලන්ගොඩ රූකඩ ආදී විශේෂාංග රැසැක් ප්‍රදර්ශනය කෙරිනි.


නිදහස් දිනයට සමගාමීව වාර් ශිකව පවත්වන පිරිත් පිංකම හා දානමය පිංකම මෙවරත් පෙබරවාරි මස 02 සහ 03 දින වලදී ප්‍රාදේශිය ලේකම් කාර් යාලයේදී පැවැත්වින
























